Thursday, March 19, 2015

සුවඳැති කුසුමක

සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනී
ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිතී


උකුළක නැළවෙන බිළිඳෙකු ලෙස තුරුලේ සිටිමී
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනෙ නිදී


මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලී
දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළ මෙනී


මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැණී
පණ නල ඇති තුරු තනි රැක සහනය සතුට දෙමී
 
සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනී
ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිතී


උකුළක නැළවෙන බිළිඳෙකු ලෙස තුරුලේ සිටිමී
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනෙ නිදී

 

හාහ් හා... හා හා හාහ්හා
හා හා හාහ්හා
හාහහහා...


හා හා... හාහා හා හා...
හා හා හා හා...
හාහහහා...


හාහ් හා... හා හා හාහ්හා
හා හා හාහ්හා
හාහහහා...


හාහ් හා... හා හා හාහ්හා
හා හා හාහ්හා
හාහහහා...


ගායනය - මර්වින් පෙරේරා සහ නීලා වික්‍රමසිංහ
පද රචනය - ගරු ලීනස් මෙන්ඩිස් පියතුමා
තනුව - ස්ටැන්ලි පීරිස්

No comments: