Thursday, March 5, 2015

සුදු නෙළුම කෝ

සුදු නෙළුම කෝ
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාලෝස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ

වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝ වුනා...//

නෙළු මල්මිට ඉහිරුනා
එහා ඉවුරට පා වුනා

සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු වෙළුම් මල දෑස පිය වී
මෙහා ඉවුරට පා වුනා

සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාලෝස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ

සුදු නෙළුම කෝ…

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


මේ ගීය රත්න ශ්‍රී රචනා කළේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන..

පසු දවසක හෝ ඒ සැබෑ සිදුවීම ඔබට කියන්නට මට හිතුණා.

මා පාසල් සොයුරු රත්න ශ්‍රී වි⁣ජේසංහයන්ගේ හඬින්ම ගෙන එන්නේ වීඩියෝවේ මුල් හිමිකරුවන්ට කෘතවේදීව ප්‍රණාමය පුද කරමින්.. 




No comments: