ඔබ ඇදී යයි ඇත අහසේ
සරුංගලයක් සේ
බිම බලාගමි නිසොල්මන් වී
පුරුදු ලෙස දුකසේ ...//
යලිත් ළංවනු බැරි දුරක් වී
දුරස් වු දා නැතිද දැණුනේ
පවන් රැල්ලෙන් ලෙලෙන පහනම
පවන් රැල්ලෙන් නොවෙද නිවුණේ
ඔබ ඇදී යයි ඇත අහසේ
සරුංගලයක් සේ
බිම බලාගමි නිසොල්මන් වී
පුරුදු ලෙස දුකසේ
සිතින් අමතක කරණු යෙහෙකිද
විලේ ලෑ ලුණු අහුර විලසේ
දුකින් උතුරන වතුර සැලියම
සිහිල් වී ලිප නිවුණු දවසේ
ඔබ ඇදී යයි ඇත අහසේ
සරුංගලයක් සේ
බිම බලාගමි නිසොල්මන් වී
පුරුදු ලෙස දුකසේ
ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment