Thursday, March 19, 2015

කුසුමට ළංවී රොන් ගන්නා

කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා

මද සුළඟේ ඔහෙ සැලෙනා
තනිවුණු කුසුමෙකි මා ...//

ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන් ...//
හෙට ආයෙත් දිනයක ඔබ ඒවී
මා රිදවා සතුටු නොවෙන්

කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා

මද සුළඟේ ඔහෙ සැලෙනා
තනිවුණු කුසුමෙකි මා ...//

හෙට පායන හිරු කිරණින්
යළි මා විකසිත වේවී ...//
ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
යළි මා මුකුලිත වේවී

කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා

මද සුළඟේ ඔහෙ සැලෙනා
තනිවුණු කුසුමෙකි මා ...///

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - ෂර්ලි වෛජයන්ත
තනුව - ෂර්ලි වෛජයන්ත

මුල් ගීය



පසු ගායනයක්



Song - Kusumata Lanwee
Singer - Chandralekha Perera
Lyricist - Shirley Waijayantha
Composer - Shirley Waijayantha

No comments: