කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා
...//
නිදිමත තරු කැට කඩා වැටේ
ඉඩදී අඳුරට අහස් තලේ
සඳ මල මිලිනව බලා හිඳී
දකින තුරා අඩ නුවන් අපේ
සඟවා ළය මත ඔබෙ වත
රහසින්
කියාදෙන්න ළංවී
ප්‍රේමය නම් කිමැයි කියා
මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා
ගහ කොළ නිසලව බලා හිඳී
පවන් රොදක සිහිලසින්
මිදී
පිණි කඳුළැලි කැට කඩා
වැටේ
ඇහෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ළං කර
රහසින්
කියාදෙන්න ළංවී
ප්‍රේමය නම් මෙයයි කියා
මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා
...//
ගායනය - චන්ද්‍රලේඛා
පෙරේරා
පද රචනය - ප්‍රියානන්ද
විජේසුන්දර
තනුව - සමන් කුඹුකගේ
Song - Me Palu Seetha Rathriye
Singer - Chandralekha Perera
Lyricist - Priyananda Wijesundara
Composer - Saman Kumbukage

No comments:
Post a Comment