Thursday, March 19, 2015

මගේ දිනපොතේහි

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ //
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සමසේ දරා
අත්වැල් බැඳන් යමු ජීවිතේ
ඒ කී වදන් බොල් හීනෙකී

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

පාසැල් සමේ අ‍පි දෙන්නගේ
නම් කුරුටු ගෑ කඩදාසි ඒ
ගිණි අවුළුවා නටබුන් පෙමින්
අපි වෙන්වෙමු දෛවේ ලෙසින්

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ //
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක

No comments: