සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම් ...//
එක තැන රැඳුනද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින් ...//
කුමටද නිදිනැති යහනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්
සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්
යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින් ...//
කුමටද නැති කළ සෙවණට මොහොතක්
ඔබ ළඟ රැඳෙන වරම්
සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම් ...//
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment