හිත මිතුරෝ නෑයෝ ඔබ කැඳවා
ගිය ඉරණම් ගමනේ
මල් වඩමේ සොහොනේ නිදනා ඔබ
නෑ නොවෙදෝ එන්නේ
පාළු සැඳෑ සඳු පායාලා
ඔබ රන් සඳු වූ නිවසේ
ඔබ ගිය දා අවසන් ගමනේ
අප නෑ යළි හමුවන්නේ ...//
හිත මිතුරෝ නෑයෝ ඔබ කැඳවා
ගිය ඉරණම් ගමනේ
ශෝක සුසුම් දර සෑයේ ගිණි දැල්
මා ළය ඇවිලෙන්නේ ...//
පාළු සැඳෑ සඳු පායාලා
ඔබ රන් සඳු වූ නිවසේ
ඔබ ගිය දා අවසන් ගමනේ
අප නෑ යළි හමුවන්නේ
මා පමණි ඔබගෙන් තොර නිවසේ
පාළුව විඳවන්නේ
මල් වඩමේ සොහොනේ නිදනා ඔබ
නෑ නොවෙදෝ එන්නේ ...//
පාළු සැඳෑ සඳු පායාලා
ඔබ රන් සඳු වූ නිවසේ
ඔබ ගිය දා අවසන් ගමනේ
අප නෑ යළි හමුවන්නේ
අප නෑ යළි හමුවන්නේ
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - රූකාන්ත ගුණතිලක
No comments:
Post a Comment