Tuesday, April 21, 2015

පිරුණා හද සන්තානේ

පිරුණා හද සන්තානේ
පිපුණු දෑ සමන් මල් යානේ
පිපුණු දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ
මැවුණා සුබ සිහිනේ

සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජදහනේ ..//

අප නොයිඳුල් පෙම දැක නේද කුමරුණි
තුරු හිස මල් පිපුණේ
හෝ.. තුරු හිස මල් පිපුණේ

වීණාවයි එහි තත වාගෙයි
එක ඉත්තේ මල් දෙක වාගෙයි
නැළවෙන්නේ මා ඔබ තුරුළේ
සිට පොඩි කාලේ

මධුරාවී තී හමුවේවී
උපමා නැත මට රසකාමී
මෙම ලිය ගොමු අපගේ පේ‍්‍රම විමනයි
බොමු අපි ජය පානේ
පෙම් ලොව බොමු අපි ජය පානේ

පිරුණා හද සන්තානේ
පිපුණු දෑ සමන් මල් යානේ
පිපුණු දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ
මැවුණා සුබ සිහිනේ

ඉතින් ගයනු මැන පෙම් ගීතේ
දිය ඇල්ලයි අප සංගීතේ
සංගීතෙ වේවා ඔබගේ නයනා රූපේ
හෝ.. සංගීතේ ඔබගෙ නයනා රූපේ
හෝ.. ජීවන ගීයේ
හෝ.. ජීවන ගීයේ

පිරුණා හද සන්තානේ
පිපුණු දෑ සමන් මල් යානේ
පිපුණු දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ
මැවුණා සුබ සිහිනේ

සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජදහනේ ..//

අප නොයිඳුල් පෙම දැක නේද කුමරුණි
තුරු හිස මල් පිපුණේ
තුරු හිස මල් පිපුණේ

පිරුණා හද සන්තානේ
පිපුණු දෑ සමන් මල් යානේ
පිපුණු දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ
මැවුණා සුබ සිහිනේ

ගායනය - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය - සරත් විමලවීර
තනුව හා සංගීතය - එම්. කේ. රොක්සාමි/ටී. එෆ්. ලතීෆ්

1966 දී තිරගත වූ "සීගිරි කාශ්‍යප" චිත්‍රපටියට නිර්මානය වූ ගීයකි.

No comments: