Tuesday, April 21, 2015

සාගරේ සිහිලැල්

සාගරේ සිහිලැල්
පාවෙන රළ වැල්
මේ වෙරළට දී හාදු රහසක්‌ කියාවී

හෝ...
ඒ ගොළු බස පෙම්
දන්නෙමි මම නම්
මා දෙනෙතට ළං වීලා
බලතොත් පෙනේවී

හිරු නැඟ බැස යයි
මදනල දිව යයි
සෙනෙහස අපගේ ලියලයි දළුලයි ...//

පෙර සංසාරේ විඳ හුරු පුරුදු
සුවඳක් ඔබගෙන් පිටවී එයි
ඒ අදවාගෙ කමනීය සැන්දෑවකයි

සාගරේ සිහිලැල්
පාවෙන රළ වැල්
මේ වෙරළට දී හාදු රහසක්‌ කියාවී

ඒ ගොළු බස පෙම්
දන්නෙමි මම නම්
මා දෙනෙතට ළං වීලා
බලතොත් පෙනේවී

ඔබ හඬ සුහදේ සවනට සුවදේ
මට මා කවුදැයි අමතක වී යයි ..//

පිපෙණ නෙළුම් මල
පෑදි දෙකම්මුල
සිතක සුරංගන සිහින මවයි

ඔව් අප දෙන්නා මේ රැල්ලයි වැල්ලයි වාගෙයි

සාගරේ සිහිලැල්
පාවෙන රළ වැල්
මේ වෙරළට දී හාදු රහසක්‌ කියාවී

ඒ ගොළු බස පෙම්
දන්නෙමි මම නම්
මා දෙනෙතට ළං වීලා
බලතොත් පෙනේවී

ගායනය - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි

"රන්රස" චිත්‍රපටියට නිර්මානය වූ ගීයකි.
1964 දී තිරගතවූ "ගංගා කී ලේහ්රේන්" චිත්‍රපටියට කිශෝර් කුමාර් හා ලතා මංගෙස්කාර් ගැයූ "මචල්ති හුයි හවා මායි චම් චම්" ගීයේ තනුව මෙම ගීයට යොදා ගෙන ඇත. එම ගීයේ වීඩියෝව

No comments: