Tuesday, April 21, 2015

කිරි මුහුද කැලැම්බීලා

කිරි මුහුද

කිරි මුහුද කැලැම්බීලා පාවී එනව ප්‍රේමාමෘතේ
හද පතුල කැලැත්තීල පාවී එනව ප්‍රේමේ රසේ ...//

ටල ලල ලල ලල ලල්ලාලෙ ලාලේ
ලල ලල ලල ලල ලාලාල ලාලා

ප්‍රේම රැල මැද්දෙන් නැගේ ප්‍රේම ගීතේ
තුරු සෙවණැල්ලේ පෙම් රුව දිස්වේ
මංගල සීනු වැදේ හද මැද්දේ
මංගල ගීත ඇසේ මල් අස්සේ - ඇහුණද?

ඕ කිරි මුහුද කැලැම්බීලා පාවී එනව ප්‍රේමාමෘතේ
හද පතුල කැලැත්තීල පාවී එනව ප්‍රේමේ රසේ

ප්‍රේම සිත පැද්දේ පෙම් ගීතේ තුරුල්ලේ
පෙම් ඔන්චිල්ලාවේ ගඟුලැල්ලේ ...//

පම් පම් පම් පම් පම්
පම් පම් පපම් පම්
ලල ලල ලල ලල ලාලාල ලාලා - ඇහුණද?

කිරි මුහුද කැලැම්බීලා පාවී එනව ප්‍රේමාමෘතේ
හද පතුල කැලැත්තීල පාවී එනව ප්‍රේමේ රසේ

බාලේ බැන්දවූ අපේ බොරු ආලේ
අළු යට සැඟවූගිණි පුපුරක් සේ
අද මතුවූවාද පෙම් පුර සඳ සේ
පිරිසිදුය ඒ පෙම ආතාසේ - ඇහුණද?

ඕ කිරි මුහුද කැලැම්බීලා පාවී එනව ප්‍රේමාමෘතේ
හද පතුල කැලැත්තීල පාවී එනව ප්‍රේමේ රසේ ...//

ගායනය - හරුන් ලන්ත්‍රා සහ ජී.එස්.බී. රාණි පෙරේරා
පද රචනය - සිරිසේන විමලවීර
සංගීතය - ටී.එෆ්. ලතීෆ්

1954 දී තිරගතවූ "ටැක්සි ඩ්‍රයිවර්" හින්දි චිත්‍රපටියේ ජග්මෝහන් බක්ෂි හා ආශා බෝන්ස්ලේ ගැයූ "දේකෝ මානෙ නහි(න්) රූති හසීනා" ගියෙන් තනුව උපුටා ගෙන ඇත. එම ගීයේ වීඩියෝව

No comments: