වීණාවේ තත්සර රාවේ
දිවි යමුනාවේ රිද්මෙට හාවේ
වීණාවේ තත් පෙළ මා වේ
ඔබ පිරිමදිනා තාලෙට හැඬවේ
වීණාවේ තත්සර රාවේ .....
හීනෙන් හෝ වී නැති කිළුටු
ඔබ දළුවකි මටසිළුටූ
ආ. ආ. .... ///
හීනෙන් හෝ වී නැති කිළුටු
ඔබ දළුවකි මටසිළුටූ
එම මුදු ළදළුව සුලලිත වේ
ඔබගේ සුසුමට නැළවේ ..//
වීණාවේ තත්සර රාවේ
දිවි යමුනාවේ රිද්මෙට හාවේ
වීණාවේ තත්සර රාවේ.....
ඔබය හද විල තිසරු කුලේ
පිපෙණු මැනවි පති කමළේ
ආ. ආ. .... ///
ඔබය හද විල තිසරු කුලේ
පිපෙණු මැනවි පති කමළේ
තඹුරු පියල්ලක රන තිසරූ
නළවමි බල බල රුසිරූ ....//
වීණාවේ තත් පෙළ මා වේ
ඔබ පිරිමදිනා තාලෙට හැඬවේ
වීණාවේ තත්සර රාවේ
දිවි යමුනාවේ රිද්මෙට හාවේ
වීණාවේ තත්සර රාවේ.....
ගායනය - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි
1965 දී තිරගත වූ "සැපත" සිනමා කෘතියට නිර්මානය වූ ගීයකි.
No comments:
Post a Comment