Wednesday, April 22, 2015
සදපානේ මල් පිපුණා
සදපානේ මල් පිපුණා
කිරි මුහුදේ රැල් නැඟුනා
අප දෙන්නා ඒ වගේ
බැඳුනෙ ආදරේ
බැඳුනෙ ආදරේ ...//
ජීවනයේ මී වදයේ පැණි පිරුණා ආදරේ
ජීවනයේ මී වදයේ පැණි පිරුණා ආදරේ
ඒ පැණි බොන බඹරි මමයි ප්‍රේම මී වදේ
ප්‍රේමෙ මිහිරකී
ඔබගේ සෙවණැල්ල ලෙසේ
එන්නෙමි සැමදාම මෙසේ
මේ දෛවේ තීරණේ මතු අනාගතේ
මතු අනාගතේ
සිහින සැබෑවන්න මෙසේ
පෙරුම් පුරා ආවෙදෝ ...//
මා උපන්නෙ ප්‍රේම ලොවේ ඔබ නිසා ප්‍රියේ
ඔබ පතා ප්‍රියේ
සදපානේ මල් පිපුණා
කිරි මුහුදේ රැල් නැඟුනා
අප දෙන්නා ඒ වගේ
බැඳුනෙ ආදරේ
බැඳුනෙ ආදරේ ...//
ගායනය - හරුන් ලන්ත්‍රා සහ ඉන්ද්‍රාණි සේනාරත්න (එවකට ඉන්ද්‍රාණි විජේබණ්ඩාර)
පද රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය - සිසිර සේනාරත්න
1965 දී තිරගතවූ "හිතට හිත" චිත්‍රපටිය සඳහා නිර්මානයවූ ගීයකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment