හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොමූ
මගේ හිත උදුරා ගනූ ...//
හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ
ඉගිල්ලෙන්නට තටු සලා
පියාපත් සවිබල වෙලා ....//
අඳුර ආලෝකය වෙලා
සොඳුරු හීනය එළිවෙලා
ආදරේ මල් ඵල දරයි
දුගී පැල රස මුසු කරයි ...//
රිදී මිණි මුතු මිල නොවෙයි
මාළිගය සිත ගිය තැනයි
හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොමූ
මගේ හිත උදුරා ගනූ
හංස රාණී
ආදරේ ...//
ගායනය - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව හා සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
1968 දී තිරගත වූ "හැංගි හොරා" සිනමා කෘතිය සඳහා නිර්මානය විය.
No comments:
Post a Comment