නැඟ එන පාළුව නිවා දමා
කොතෙක් වෙලා මම බලා සිටින්න ද
ඔබ එනතුරු හිස් දෙනෙත යොමා
නිල් මිණි තරු කැට නෙතු යුග පියැවී
නිදිබර වී ඉන්නේ
පුන් සඳ වෙනුවට මේ කුළු නැඟිලා
අඳුරයි මේ එන්නේ
ඈත එපිට සිට යුගයෙන් යුගයට
ප්‍රේමාතුරයන් හෙළූ කඳුළු කැට
එකතු වෙලා දෝ ගලා හැලෙන මේ
මහ වරුසා මැවුනේ
ඈත එපිට සිට යුගයෙන් යුගයට
ප්‍රේමාතුරයන් හෙළූ සුසුම් වැල්
එකතු වෙලාදෝ කඩා හැළෙන මේ
කුණාටු වැල් මැවුනේ
ඉඳහිට මුවගේ නැඟුණු සිනා රැළි
අතරමංව යන එන මං නැති වී
වියරු වැටී දෝ විදුලිය වාගේ
දුව පැන මේ යන්නේ
පායන් රන් සඳ පෙරගිරි මුදුනින්
නැඟ එන පාළුව නිවා දමා
කොතෙක් වෙලා මම බලා සිටින්න ද
ඔබ එනතුරු හිස් දෙනෙත යොමා
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
No comments:
Post a Comment