මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයයි //
සුරංගනාවියනේ
සුරංගනාවියනේ
සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවණැල්ලේ ...//
ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ
මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයයි //
සුරංගනාවියනේ
සුරංගනාවියනේ
අද අප ජීවිත සුමිහිරි වේ නම්
මළ ඊයේ ගැන ඇයි ළතැවෙන්නේ
අද අප ජීවිත සුමිහිරි වේ නම්
නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ
යළි කිව යුතු නෑ කාලය යනවා
දෙපා යටින් රිංගා
ගෙණෙනු මැනවි මට පමා නොවී දැන්
ඔබේ සුරාවිත පුරවාලා
ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ
මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයයි //
සුරංගනාවියනේ
සුරංගනාවියනේ
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
No comments:
Post a Comment