Wednesday, April 8, 2015

හැන්දෑකරේ අඹ මල් වට

හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා ...//

මලේ සුවඳ මත් ඹබරුන් මලට ගෙනාවේ
සඳේ එළිය සඳ සෙවණට සිහිල ගෙනාවේ
ගඟේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ
මගේ හිතට මේ තනිකම කවුරු ගෙනාවේ

හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා

දොලේ හඬට ගී සීපද කොතැන ඇසේදෝ
දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ
හිතට නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ
දුකට කියන මේ ගී පද කාට ඇහේදෝ

හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා ...//

ගායනය ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය - එච්.එම්. ජයවර්ධන

No comments: