දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිනිමල් වරුසාවේ..//
කිසිවෙකු සමගින් එකට තුරුළුවී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටු විට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ //
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිනිමල් වරුසාවේ
මද අව් රස්නෙට වුව සෙවණක් නැත
ඔබ හට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ //
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිනිමල් වරුසාවේ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
තනුව - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment