මගේ ජීවිතය නම් දිනපොත ගෙන
පෙරලා බැලුවෙමි එහි පිය සටහන්
යුග ගණනක් දුර මතකය විහිදා
නිකිණි මහේ තිස් එක් වැනි රිවි දින
ඇය හමු වූ බව මම ම ලියා ඇත
රෝස මලක් ගුරු පාරේ දුටුවෙමි
නෙළා ගන්න එය දවසක රිසිවෙමි
ඉල් මාසේ තිස් එක් වැනි සඳු දින
මිහිරි සොඳුරුබර සැඳෑ වෙලාවක
මා හා එන බව ඇගෙ අත් අකුරින්
පිටක් පිරෙන්නට ලියා තබා ඇත
උඳුවප් මාසේ කිසියම් දවසක
බොඳ වූ පොඩි වූ පිටුවක් හමුවෙයි
ඇය දීගෙක ගිය වග මා අතහැර
කවුරු නමුත් ලියලා ඇත ලොකුවට
ඉන්පසු පසු පෙරළෙන හිස් පිටු ගණනකි
තවමත් එහි මම කිසිවක් නොලියමි
තවමත් එහි මම කිසිවක් නොලියමි
තවමත් එහි මම කිසිවක් නොලියමි
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment