රන් චාමර සැලුණා
චන්දන තුරු හෙවනා
ඉන්දීවර පිපෙනා
ලුම්බිණි සල් උයනා
පින් සිරියෙන් පෙවුනා
සුන්දර වූ දෙරණා
බෝසත් සඳ වඩිනා
සල් සපු තුරු සිරසා
මල් මුවරද ගවසා
සිල් ගත් විල් දිගැසා
පුල් හෙල් වැලි සරසා
නිල් බරවූ මයුරෝ
මල් වැස්සට රඟනා
තොල් රතු සත් පියුමෝ
බෝසත් පා සිඹිනා
දුම් දුඹි හඬ නැගුණා
රන් චාමර සැලුණා
චන්දන තුරු හෙවනා
ඉන්දීවර පිපෙනා
ලුම්බිණි සල් උයනා
පින් සිරියෙන් පෙවුණා
සුන්දර වූ දෙරණා
බෝසත් සඳ වඩිනා
තුරුලිය අතු පතරේ
බිඟුදැල් තුටු මතිනා
ලොව්තුරු ගුණ සමුදා
ගීයට පද බඳිනා
සත් වග සිත් නිවනා
මෙත් ගඟුලැල් ගලනා
සම්බුදු වන සෙදිනා
බෝසත් සඳ වඩිනා
දුම් දුඹි හඬ නැගුණා
රන් චාමර සැලුණා
චන්දන තුරු හෙවනා
ඉන්දීවර පිපෙනා
ලුම්බිණි සල් උයනා
පින් සිරියෙන් පෙවුණා
සුන්දර වූ දෙරණා
බෝසත් සඳ වඩිනා …//
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ඩබ්.ඒ. අබේසිංහ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment