Thursday, April 2, 2015

දුක කියන්නට කෙනෙක් නැති දා

දුක කියන්නට කෙනෙක් නැති දා
දුක ඇසූ නුඹ
අද මගේ
දුකට හිනැහෙන්නේ ...//  

වියළි කතරට වැහි පොදක් ලෙස
කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
මහා මේඝයක් ලෙසින් හමා විත්
මට මාවත් නැති කලේ කොහොමද

දුක කියන්නට කෙනෙක් නැති දා
දුක ඇසූ නුඹ
අද මගේ
දුකට හිනැහෙන්නේ

හදවත ඇවිලුනු අතීත දුක් ගිණි
සුවපත් කළ පින නුඹට අයිති මුත්
ප්රේමය මියගිය නුඹ හද දෙවොලින්
හෙටක් පතන්නට හිතට වාරු නැත

දුක කියන්නට කෙනෙක් නැති දා
දුක ඇසූ නුඹ
අද මගේ
දුකට හිනැහෙන්නේ ...//  

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - දිෂාන් නානායක්කාර
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: