තුන් ලොවේ ඝණඳුර සලා
මෙත් සිහිල් කරුණා විරාගික
දම් අමා ගඟ යයි ගලා…//
කප් ගණන් පෙරුමන් පුරා
බුදු පදවි ලද සමිඳුන් මුවේ…//
ඇඳී ඇති පින් බර සිනාවෙක
රෑඳී ඇත ලොව්තුරු සුවේ
දොම්නසින් බර නිම්වළල්ලේ
තුන් ලොවේ ඝණඳුර සලා
මෙත් සිහිල් කරුණා විරාගික
දම් අමා ගඟ යයි ගලා
නිරාමිස සුවඳැල් බැඳුණු
හිමි දෙපා දෙවුමට මගෙ ඇසේ…//
විරාගික කඳුළැල් නැගී එයි
පතා සදහම් අමරසේ
දොම්නසින් බර නිම්වළල්ලේ
තුන් ලොවේ ඝණඳුර සලා
මෙත් සිහිල් කරුණා විරාගික
දම් අමා ගඟ යයි ගලා
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment