හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම එමි බවඳුරු කතර ගෙවා
සහසක් දොම්නස් දුක් ගිණි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අඳුරේ
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමද...
දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම එමි බවඳුරු කතර ගෙවා
ජීවමානවම හිමි දැක ගන්නට
මා නෙත කල පින් මඳ බව වැටහිණි
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට
දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම එමි බවඳුරු කතර ගෙවා
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment