Wednesday, April 8, 2015

නුවරඑළියෙ සරලා

නුවරඑළියෙ සරලා
හීන මත්තෙ හැපිලා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා

ග්‍රෙගරි වැවට පැනලා
සීත වතුර නාලා
නුඹට මුකුළු කරලා
සනසන්න එන්න හිතුණා
නුඹට මුකුළු කරලා
සනසන්න එන්න හිතුණා

පානෙ දැල්ල විලස
අනෙ වැනෙන්නෙපා නිතර
සීනි නැතත් රසට මට වත්කරපන් කහට
ගන්නෙ කඩල දෑත
අරගන්න මාන බලන
සින්නතම්බි ඈට
අරියාදු එපා හරිද

නුවරඑළියෙ සරලා
හීන මත්තෙ හැපිලා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා

ඇදිලා කිතුල් මලට
හිත රිදෙන කතා දොඩන
වරිගෙ එවුන් ළඟට නුඹ යන්ට එපා හොඳද
ඇන්න ඇවිත් කොළඹ
හෝ ගාන පොකුණ ළඟට
දැක්කම හොඳ නරක
මට පෙම්බර වෙයි නිතර

නුවරඑළියෙ සරලා
හීන මත්තෙ හැපිලා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා
යාල් දේවි හරහා
මට එවුව හාදු ලැබුණා

ග්‍රෙගරි වැවට පැනලා
සීත වතුර නාලා
නුඹට මුකුළු කරලා
සනසන්න එන්න හිතුණා
නුඹට මුකුළු කරලා
සනසන්න එන්න හිතුණා

ගායනය - කිංස්ලි පීරිස්
පද රචනය - ලක්ෂ්මන් රදාවාන
තනුව හා සංගීතය - රොෂාන් ප්‍රනාන්දු

Anyone who has the link can play this song in your "Smart Phone"

No comments: