Wednesday, April 8, 2015

නිදි නැති රෑ

නිදි  නැති රෑ යාමේ
ගීතය ගැයුණාවේ
මට හිමි යාත්‍රාවේ
ඔබෙ රැය ගෙවුනාවේ

අරුණේ විසුළ වලා අතරේ
මුව දොර පෙනුනාවේ

අහසක් අවුරා කළුවර  දා
ඔබෙ නෙත් හිරු මඬළේ
එළිය ගලා ආවා

දහසක් පිටුපා තනිකර ගියදා
ඔබෙ සිත් මල් යහනේ
සඳු  උදා වූවා

නිදි  නැති රෑ යාමේ
ගීතය ගැයුණාවේ
මට හිමි යාත්‍රාවේ
ඔබෙ රැය ගෙවුනාවේ

අරුණේ විසුළ වලා අතරේ
මුව දොර පෙනුනාවේ

දෙනුවන හඬවා ලොව සැනසුන දා
ඔබගේ උරතලයේ
යහන තනා දුන්නා

දෙසවන් නොවසා ඔබව ඇසූදා
ඔබගේ රන් සරයේ
මිහිර ළඟා වූවා

නිදි  නැති රෑ යාමේ
ගීතය ගැයුණාවේ
මට හිමි යාත්‍රාවේ
ඔබෙ රැය ගෙවුනාවේ

අරුණේ විසුළ වලා අතරේ
මුව දොර පෙනුනාවේ ...//

ගායනය – ප්‍රදීපා ධර්මදාස මග රූකාන්ත ගුණතිලක
පද රචනය - බන්දුල නානායක්කාවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: