තුරුණු හිත ළඟ
සරත් සමයක
පිපී ආ ඉන්දීවරී
සැඳෑ සක්මන අහවරයි දැන්
පෙති විදාපන් ගෝමරී
සොඳුරු ගගනත
සරන සියොතුන්
කරයි කෙළි මනමාලකම්
උන්ට නොදැනී
දියතලාවෙන්
හැඩ බලාපන් සීරුවෙන්
තුරුණු හිත ළඟ
පියුම් වනයේ
සරන නෙතු දැල්
වෙළී පැටළෙන මානයේ
පෙති හැළෙන්නට
නොදී රැකගන්
හෙටත් පිබිදෙන්නට තියේ //
තුරුණු හිත ළඟ
සරත් සමයක
පිපී ආ ඉන්දීවරී
සැඳෑ සක්මන අහවරයි දැන්
පෙති විදාපන් ගෝමරී
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - තිළිණි ජිතේන්ද්‍රිකා අතුකෝරාළ
තනුව - දර්ශන රුවන් දිසානායක
No comments:
Post a Comment