පැනි මීරි සොයන
නෙක මල් සිඹින ...//
රන් සමනළුන් යන මඟ පිපෙන
අතු අග දිළෙන මල් කැකුළ ඔබය
මල් කැකුළ ඔබය
නෑ මං තමයි ඒ මල් සුවඳ
ඒ මල් සුවඳ
නියඟයේ පීඩාව දරාගෙන කර්කෂ
ඉරිතලා පැලී ගිය
මහ පොළව මත රොද බඳිනා
වැහි වලාකුළ ඔබය
නෑ මං තමයි ඒ පොද වැස්ස
ඒ පොද වැස්ස
මල්බරවී ඵල දරනා
ගොයමක් සේ කිරි වදිනා ...//
ගැබ් බරවී වදන්නට විළි දරනා
අස්වැන්න කුස දරනා
මහා පොළව ඔබය
නෑ මං තමයි ඒ අස්වැන්න
ඒ අස්වැන්න
ආ... ආ... ආ ..... ///
ගායනය – අමරසිරි පීරිස් සහ ප්‍රදීපා ධර්මදාස
පද රචනය - අනෝමා රාජකරුණා
තනුව හා සංගීතය - නවරත්න ගමගේ
ටෙලි නාට්‍යයකිනි. (එය "සුද්දී" නම් වාර්තාමය ටෙලි නාට්‍යයේ යැයි හඟිමි.)
No comments:
Post a Comment