බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද
පියාපත් මැවී සරසවි උයනින්
ඉගිල ගියා ඔබ කිරිල්ලියක සේ ..//
රුවල බිඳී ගිය ආදර ඔරු කඳ
ගිලී ගියා මහවැලි ගං පතුලට
බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද
දෙගුරුන් ඉදි කළ පවුරු කඩොලු මැද
රැහැන් වෙලා ඔබ කුල සිරිතෙන් බැඳ ...//
ක්ෂිතිජ ඉමෙන් නෙත නොපෙනෙන ඈතට
දුරස් කළා මට කඳුළ ඉතිරි කර
බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
No comments:
Post a Comment