Saturday, April 4, 2015

අවසන් භවයද

අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා ..//

නයිල් නදිය වුව කෙළවර වේවී
සමුදුර දුටු සැණිනේ
කඳුළු ගඟට කෙළවරක් තියේදෝ
ඔබ නැති මේ ගමනේ
ඔබ නැති මේ ගමනේ

අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා


දැක ගන්නටවත් ලැබේද ඔබ යළි
නෙතු පිය වෙන්න කළින්
සොහොන් කොතත් මගෙ කඳුළු සළාවී
සොඳුරිය නමින් ඔබේ
සොඳුරිය නමින් ඔබේ

අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා

No comments: