හන්තාන කඳුවැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්
සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද
එදා අප පෙම් වදන්
දෙඩූ ලිය මඬුළු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමඟ නිදා සිටි
අවන්හල දෙසුම්හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා
හන්තාන කඳුවැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්
සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද
මේ බිමේ සැඟව ඇති
සිවුවසක අතීතය
යළි යළිත් මතකයට නැඟෙනවා
මහත් වෙහෙසක් දරා
සඟවන්න තැත් කළත්
නෙතු අගට කඳුළු බිඳු නැඟෙනවා
හන්තාන කඳුවැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්
සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment