Monday, April 27, 2015

පිදුරු සෙවි කළ පැල්පතේ

සීත දිය රැලි නීල ගංගා
සාර කෙත් වතු මැද ගලා යයි
ඕළු මානෙල් නෙළුම් නැළවෙන
වැව් පොකුණු ගම අලංකාරයි

පිදුරු සෙවි කළ පැල්පතේ ඇති
සාමෙ නැත මහ මන්දිරේ ...//
ටිකිරි හසරැලි බොළඳ සිතිවිලි
මෙහි තිබේ හොඳ ආදරේ //

කැලෑ මල් වල සුවඳ බීගෙන
හමන මදනල වාසනාවන්
දුරින් ඉඳ ඒ කුරුළු ගී හඬ
නැති කරයි හද වේදනාවන්
අහිංසක ගැමි ජීවිතේ
මැනේ පියවර මේ බිමේ

පිදුරු සෙවි කළ පැල්පතේ ඇති
සාමෙ නැත මහ මන්දිරේ

වියෝ ගිණි මැද දැවෙන ජීවිත
අද වගේ හෙට හමු නොවේවා
සමාදානය සැබෑ ආලය
දිනෙන් දින මතුවී පෙනේවා
මේ බිමට නොවෙනස්ව ඉර හඳ
සෑමදා රැස් කිරණ දේවා

පිදුරු සෙවි කළ පැල්පතේ ඇති
සාමෙ නැත මහ මන්දිරේ ...//
ටිකිරි හසරැලි බොළඳ සිතිවිලි
මෙහි තිබේ හොඳ ආදරේ ////

ගායනය - සිසිර සේනාරත්න
පද රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය - සිසිර සේනාරත්න
1965 දී තිරගතවූ "හඳපාන" චිත්‍රපටියේ ගීයක්.
සිසිර සේනාරත්න චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙස දොරට වැඩි මේ චිත්‍රපටියට, 1966 පැවති සරසවි සම්මාන උළෙලේදී වසරේ දක්ෂ්‍යතම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි විය.

No comments: