Thursday, April 2, 2015

මගේ ගෙටත් උඩ


මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැළුම් දිදුලවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කළ පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා (ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා)

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පැතුම් පෙළ දැවී ගියා වූ
ජීවිතයට ඔබ අළුතින් එක් වී
මා ජීවත් කර සතුට ගෙනා වූ
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා (ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා)

කිළිටි මගේ අත ඔබට සුදුසු නැත
එබැවින් වෙනතක බැඳුණද කම් නැත
එනමුදු මෙලොවෙහි නැවත උපන් කල
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා (ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා)
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා (ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා)

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: