Wednesday, April 8, 2015

සොයා දියව් මට සරණක්

සොයා දියව්
සොයා දියව් මට සරණක්
මා අත ගන්නට
පෙරුම් පිරූ යෞවනයන්
දකුණේදී
උතුරේදී
මරා දැමූයේ
තෙපි නොවේද පවුකාරයිණේ

නීල වරල මතුවන නර කෙස් ගණිමී
බාල සුවඳ ආලේපන ගෙන උලමී ....//

දෙ තන එරෙණ කිරී
දොවා ඉවත ලමි ..//

තෙපිටයි ඒ සාපේ
පවුකාරයිණේ

සොයා දියව් මට සරණක්
මා අත ගන්නට
පෙරුම් පිරූ යෞවනයන්
දකුණේදී
උතුරේදී
මරා දැමූයේ
තෙපි නොවේද පවුකාරයිණේ

මැලවෙයි නෙතු මහනෙල් නා දළු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ ...//

හදෙහි නැගෙන ගිණි
කඳුළින් ඉවසමි ...//

තෙපිටයි ඒ පාපේ
පවුකාරයිණේ

සොයා දියව් මට සරණක්
මා අත ගන්නට
පෙරුම් පිරූ යෞවනයන්
දකුණේදී
උතුරේදී
මරා දැමූයේ
තෙපි නොවේද පවුකාරයිණේ

පවුකාරයිණේ

ගායනය – ප්‍රදීපා ධර්මදාස, සහය දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: