ලොව සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස අවදිවෙවී
මගෙ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවී ....//
ලොව සැතපෙන යාමේ
සිතුවම් ඇඳ සිහින පොතේ
මී පුරවා පැතුම් විතේ ...//
සළු පොරවා සිසිල ගතේ
ඔබ පියඹා යයි
ඔබ පියඹා යයි
ලොව සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස අවදිවෙවී
මගෙ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවී
ලොව සැතපෙන යාමේ
සිහින සුවැති සිතුවිල්ලේ
මහද හොවා නැළවිල්ලේ ....//
අහස සදා සැනසිල්ලේ
ඔබ පියඹා යයි
ඔබ පියඹා යයි
ලොව සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස අවදිවෙවී
මගෙ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවී ....//
ලොව සැතපෙන යාමේ
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.කේ. රොක්සාමි
මිල්ටන් මල්ලවාරච්චිගේ දෙවන EP තැටිය ද 1969 වසරේ නිකුත් විය. මේ එහි අඩංගු වූ ගී හතරෙන් එකකි. (තැටි අංක Philips JVPC 1057 )
මුල් ගීය
පසු කලෙක කළ ගායනයක්
No comments:
Post a Comment