Sunday, April 5, 2015

මරුන් දප බින්දා

මරුන් දප බින්දා
කෙළෙස් මළ සින්දා
ලොවේ ලොව්තුරු බව පසක් කළ
තථාගත හිමි පා කමල් වැන්දා
පා කමල් වැන්දා

පැළට මැදුරට නොකර වෙනසක්
මිතුරු රුපුනට නොමැත අහිතක්
ලොවේ ඔබ මිස කවුරු වේවිද
අසම සම උතුමෙක්
අසම සම උතුමෙක්
අසම සම උතුමෙක්

සුර අසුර නා දෙව් බඹුන්ටත්
සදා සැනසෙන මඟ කියාදුන්
තිලොව ඔබ හැර කාට නම් වෙද
අසම සම නැණසක්
අසම සම නැණසක්
අසම සම නැණසක්

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - පූජ්‍ය නෙළුවාකන්දේ ඥානානන්ද හිමි
තනුව - දර්ශන රුවන් දිසානායක

No comments: