Saturday, April 25, 2015

මාලිගාවේ මා රැජිණී

මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ ...//

හා අආ ... හා  හා  ...

ඈත මෑත සීතල සුළඟයි
අහසෙ නිල් වලා පාවෙයි
චන්ද් රාණි කාන්ති බැබලෙයි
රන්තරු රඟයි ..//

මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ ...//

හා අආ ... හා  හා  ...

ඝෝර චණ්ඩ මිනිසුන් ඇසුරේ
වේය අවහිරේ
මා තනිවම මේ කරදියරේ
මවමි සුර පුරේ

රන් විමානෙ මේ ඔරුවේ
සොම්නසේ සුවේ ..//
සෑම කල්හි විඳිමී සුවසේ
සෝක දුක් නොවේ

මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ ...//

හා අආ ... හා  හා  ...

සාමදානෙ සම්පත විඳිමී
මල් පිපෙයි හිසේ
ලෝකයෙ පීඩාවන් දුරුවේ
තේරුණා රසේ

මූදු වැල්ලෙ රැල්ල පෙරළී
ගී ගයා ආ වෙලේ ..//

මාගෙ සීන මෝරා මෝරා ඒවි සීතලේ

මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ ...//

හා අආ ... හා  හා  ...  ///

ගායනය - සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි

1962 දී තිරගතවූ "ත්‍යායයි කතා තනයන්" නම් ද්‍රවිඪ සිනමා කෘතියේ එන "කාට්ටුරාණී කොට්ටයිලේ" ගීයේ තනුවට, " ධිවරයෝ "  චිත්‍රපටිය වෙනුවෙන් නිර්මානය වූ ගීයකිද්‍රවිඪ ගීයේ වීඩියෝව 

2 comments:

Unknown said...

ගොඩාක් වටිනවා මං මේ සින්දුවේ mp3 track එක හැදුවා. පද රචනයයි සංගීතයයි හොයාගන්න බැරුව හිටියේ. ඕනි අය ඉන්නවනම් බලන්න.
https://youtu.be/JK-8XbuA2rU

Gee Arana ගී අරණ said...

ස්තුතියි ඔබට. මෙහි Audio track එක play වෙන ධාවකය සඳහා පහසුකම් සැලසූ ආයතනය (divshare) මේ වන විට තම සේවා වලින් ඉවත්ව සිටින නිසා, ඔබට ගීය අහන්න බැහැ. ඒ වාගෙ ගී රැසක් ම අද තිබෙන ධාවක වලට ඇතුළත් කිරීම මේ වන විට කරගෙන යනවා. මේ ගීයත් ගබඩා කර ඇති තැන් වලින් සොයා එසේ ශ්‍රවනයට පහසුකම සලසන්නම්.