ආල වඩන සුවඳ සබන් තනන ලියේ
මාළිගාව සේ සුවිසල් ෆැක්ටරියේ
දෑල ගලන දාඩිය උල්පත සරියේ
ආල වඩන රුව කොයිදෝ සුන්දරියේ
මීරි තෙපුල් නැති දත උල් තුන් කුදයේ
හීන් සැරේ කුර ගා ගෙට ඇදෙන්නියේ
දූලි වැනසු බාල බිළිඳු වඩින්නියේ
බාල සබන් උලා දියෙන් දොවන්නියේ
ආල වඩන සුවඳ සබන් තනන ලියේ
මාළිගාව සේ සුවිසල් ෆැක්ටරියේ
දෑල ගලන දාඩිය උල්පත සරියේ
ආල වඩන රුව කොයිදෝ සුන්දරියේ
සීත සඳුන් සුවඳ සබන් තනන්නියේ
නානු නොගා ළැම ගෝමර තවන්නියේ
සාර සියක් මල් නෙළුවත් මහන්සියේ
රේණු සුවද හිමි නැති දේවතාවියේ
ආල වඩන සුවඳ සබන් තනන ලියේ
මාළිගාව සේ සුවිසල් ෆැක්ටරියේ
දෑල ගලන දාඩිය උල්පත සරියේ
ආල වඩන රුව කොයිදෝ සුන්දරියේ
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
No comments:
Post a Comment