Saturday, April 4, 2015

ආදරේ දිලිසේ

ආදරේ දිලිසේ
මිණි පහන සේ
පහන් තුර මුදුනේ
දිලිසේ දිලිසේ දිලිසේ
ආදරේ
පළඳා හිස මුදුනේ
රන්කිරුළ සේ
ආදරේ

ආදරේ පහන දල්වා
යහන යට තියන්නේ කවුරුදෝ
කවුරුදෝ

ආදරේ රන් කිරුළ අගනා
පාපිස්නේ තියන්නේ කවුරුදෝ
ආදරේ

යෞවනේ දවස අද වේ
කල් තියන්නේ හෙටට කවුරුදෝ
කවුරුදෝ

වසන්තේ මධු පිරුණු බඳුනේ
කඳුළු මුසු කරන්නේ කුමටදෝ

ආදරේ දිලිසේ
මිණි පහන සේ
පහන් තුර මුදුනේ
දිලිසේ දිලිසේ දිලිසේ
ආදරේ

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

No comments: