Saturday, May 30, 2015

පරසතු කුසුමක් මා තුරුළට ආවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුණා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

උයන් පුරා මල් සුවඳ ඉසිනවා
රුවන් වලාවන් යහන සදනවා
ඇසින් කඳුළු වී සතුට ගලනවා
සුරන් සමඟ දූ කුමරි නිදනවා

සුරන් සමඟ දූ කුමරි නිදනවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුණා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

සවි වී සියළු යස ඉසුරු කිරුළු ලා
නොවිඳි මහිම දියණිය ගෙන එනවා
ලොවම එරෙහි වෙද ඒ දුක පිසදා
දියණි යළිදු අපගේ ලොව වෙනවා

දියණි යළිදු අපගේ ලොව වෙනවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුණා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සමග ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: