Sunday, May 31, 2015

අවදි වී සිටියේ සඳු පමණයි

අවදි වී සිටියේ සඳු පමණයි
ඒ උමතුසං රාත්‍රියේ
සඳුට හැකි නම් ඔහුව හඳුනා ගනීවී
ස්වාමිනී
ස්වාමිනී

සෙනෙහසින් අඳ වී
මිරිඟුවක යළි උපන්නෙම්
මහද හිරු සඳු සේ
නිබඳ ඒ රුව පැතූයෙම්
ඔහුට අවනත වූ හද ගැබ
සුපිපි දිවි මල පිදූයෙම්

අවදි වී සිටියේ සඳු පමණයි
ඒ උමතුසං රාත්‍රියේ
සඳුට හැකි නම් ඔහුව හඳුනා ගනීවී
ස්වාමිනී
ස්වාමිනී

කැඩපතම ඔහුගේ
නොවේමැයි ඔහු කියයි නම්
කුමණ පැන විසඳුම්
එයින් සිත හෙළි නොවේ නම්
නීතියේ සහනේ කුමටද
බිඳුණු සිත සුව නොවේ නම්

අවදි වී සිටියේ සඳු පමණයි
ඒ උමතුසං රාත්‍රියේ
සඳුට හැකි නම් ඔහුව හඳුනා ගනීවී
ස්වාමිනී
ස්වාමිනී

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

No comments: