Sunday, May 31, 2015

කෑගසා පවසාවි

කෑගසා පවසාවි
හිරුට හැකිවේනම්
සිය නෙතින් දුටු දේ
ඉකිගසා මුමණාවී
මිතුරු වන සියොතුන්
යෙහෙළියට වූ දේ

දැවී ලිප ළඟ වේල සවි කර කඩපලට දී අළුයමින්
අඳුරු ලඳු මඟ ගෙවා අකුරට දිවූ මුව පැටවී
කුරා කුහුඹුවෙකුටවත් වරදක් නොකළ දියණියනේ
නුඹට සිදුවූ දේ

කෑගසා පවසාවි
හිරුට හැකිවේනම්
සිය නෙතින් දුටු දේ

යහළු පත් බිඳ කුරුලු නෙත් සිඳ දැමු අසරණ අඩවියේ
රුදුරු නොමිනිස් දැලක සිරවී හැඬු අසරණියේ
අතු පැලේ පනනලයි සිඳුණේ දිරිය දියණියනේ
නුබට සිදුවූ දේ

කෑගසා පවසාවි
හිරුට හැකිවේනම්
සිය නෙතින් දුටු දේ
ඉකිගසා මුමණාවී
මිතුරු වන සියොතුන්
යෙහෙළියට වූ දේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


No comments: