Sunday, May 17, 2015

වාසනා වේවා

වාසනා වේවා
වාසනා වේවා ...//
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා
වාසනා වේවා

කුළුඳුල් මංගල පියවර තබනා
නොඉඳුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සැළෙමින් සදනා
ආශිර්වාදෙන් ආසිරි වේවා

වාසනා වේවා
වාසනා වේවා ...//

සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ
දිවි මග සෙත් මල් පිපෙන පැයේ
පිවිතුරු බව රැකවරණය වේ

වාසනා වේවා
වාසනා වේවා ...//
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා
වාසනා වේවා ///.

ගායනය - සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - කැමිලස් පෙරේරා
තනුව - එච්.එම්. ජයවර්ධන
"මංගල තෑග්ග" චිත්‍රපටියේ ගීයකි.

No comments: