ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකි
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාථ වී සරමී ...//
ඔබ ගියාම දුක මටදී
හිරු හදිස්සියෙන් මියැදී ....//
ලොව සැණෙන් අඳුරෙ ගිලුණී
හිරු උමතු දුකින් දැවුණී //
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකි
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාථ වී සරමී //
ඔබ ගියාම දුක මටදී
ඔබ ගියා කියා නොසිතී ....//
ඔබ ගැනම සිහින පුරමී
දුක තුළද ඔබම දකිමි //
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකි
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාථ වී සරමී
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment