අබ මිටක් සෙව්වාය පෙර කල කිසාගෝතමියක්
දෙදරු හා හිමි නැතිව වැළපුණි පටාචාරාවක්
කවුරුදැයි මා ඔවුන් අතරෙහි නොම හැඟේය මටත්
කියාදෙනු මැන හිමියණේ මට නිසරු දිවියෙ අරුත්
සුජාතා හා විශාඛා ඈ නොයෙක කුලවමියන්
අනේ ඔබ ළඟ වැටී පෙර ලද පරම සුවය අසම්
එවන් මා හද අපිස් දිවියෙහි නොමඳ අඳුර දකිම්
මලක් කොට සිත ඉරක් සේ දිසි ඔබේ නමට පුදම්
රුවන් මාලිග කසුන් අභරණ ඇතත් මේ දිවියේ
රැඳී ඇති සැප අහෝ කිව මැන මගේ බුදු සමිඳේ
ඔබේ බුදු බණ මහී තලයේ ඇසෙන පෝ දිනයේ
ඇසේ කඳුළක් තබා යන්නෙමි සසර පිදුම ලෙසේ
අබ මිටක් සෙව්වාය පෙර කල කිසාගෝතමියක්
දෙදරු හා හිමි නැතිව වැළපුනි පටාචාරාවක්
කවුරුදැයි මා ඔවුන් අතරෙහි නොම හැඟේය මටත්
කියාදෙනු මැන හිමියණේ මට නිසරු දිවියෙ අරුත්
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment