Tuesday, May 26, 2015

කොබෙයියනේ අළු කොබෙයියනේ

හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ම් ම් ම්.. ම් ම්..

කොබෙයියනේ අළු කොබෙයියනේ //
තෝර පෙතේ අර වැට ළඟ නිදන්නේ
මන්ද ම පුතු මගෙ දෝතට නොදෙන්නේ
කොබෙයියනේ අළු කොබෙයියනේ

හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ම් ම් ම්.. ම් ම්..

බිනර කළුවරට ගම් දොර තියේ නිදි වරා
පැලේ මිණි පහන දැක්කයි යහන් මත තියා
සුළං දොර ඇරන් ඇවිදින් අඳුර දී ගියා
කොයිද පුතු කොයිද නාවේ ඇයිද පෙම්බරා

කොබෙයියනේ අළු කොබෙයියනේ

හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ම් ම් ම්.. ම් ම්..

යාය දෙගොඩ පාළුව ඇහැරිලා රෑ පුරා

තනා කුළුණු ගුණ සී පද පුතුට කියනවා
වහන් වී ගියත් නෙත පිට ඉන්න තැන කියා
එන්න පුතු මගේ දෝතට එන්න පින්සරා

කොබෙයියනේ අළු කොබෙයියනේ //
තෝර පෙතේ අර වැට ළඟ නිදන්නේ
මන්ද ම පුතු මගෙ දෝතට නොදෙන්නේ
කොබෙයියනේ අළු කොබෙයියනේ ////

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුමාර ලියනගේ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: