මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක් .....//
මම කඳුළු බිංදුවක්
දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැලුණ
ප්‍රිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන .....//
ඒ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද
මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක්
මම කඳුළු බිංදුවක්
රළු පරළු කුරිරු හදක් වෙඬරු වී වැගිරෙන
ගිනි ගැණුනු පෑල මල් දෙකොපුල රෑරා එන ....//
මට එකතු වෙන්න ඔබේ ඇසෙත් කඳුළු තියෙනවද
මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක් .....//
මම කඳුළු බිංදුවක්
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment