Tuesday, May 5, 2015

ජගදානන්දන

ජගදානන්දන මහා කාරුණික
සිරසා වන්දන ශීල ගුණෝපිත
අනූපමේය වූ එවන් නාමයට
නමස්කාර වේවා

අහස උසට නැගි සවනක්ඝණරැස්
කේතු මාලාවෝ
මොහඳුර විනිවිද තිමිර පටල බිඳ
භවාග්‍රයේ විහිදෙන යාමේ
සවනේ ගෙවා දත්
මහා ඥාණයට
නමස්කාර වේවා
නමස්කාර වේවා

ජගදානන්දන මහා කාරුණික
සිරසා වන්දන ශීල ගුණෝපිත
අනූපමේය වූ එවන් නාමයට
නමස්කාර වේවා
නමස්කාර වේවා

මහී තලය මත සදා සරණ බඳු
දයා සමුදාවෝ
ගලා බසින සඳ
නිවා අග්නි කඳ
පුදා ප්‍රණාමය පා මඬලේ
පාරමි පූරිත විපුල වීර්යයට
නමස්කාර වේවා
නමස්කාර වේවා

ජගදානන්දන මහා කාරුණික
සිරසා වන්දන ශීල ගුණෝපිත
අනූපමේය වූ එවන් නාමයට
නමස්කාර වේවා

නමස්කාර වේවා/////

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි මග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: