හිම පතනය රැඳුන තැනක
උණුසුම් වූ පොරෝණයක
ගුලි වෙන්නට නිහඬ රැයක
ඔබ එනවද
ඔබ එනවද මාත් එක්ක
දියඹට තරු කැට වැටිච්ච
හැන්දෑවක ඉර ඉදිච්ච
හදාගන්න හිත තැලිච්ච
කියන්න ගී පද නිවිච්ච
ඔබ එනවද
ඔබ එනවද මාත් එක්ක
වන විහඟුන් ගයන වයන
උයනක මල් වලට ඇරුණ
සොඳුරු වචන අමුණ අමුණ
ඇවිදින්නට මුමුණ මුමුණ
ඔබ එනවද
ඔබ එනවද මාත් එක්ක
ඔබ එනවද
ඔබ එනවද මාත් එක්ක ...//
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
මේ රූප රාමු එක්ක දැවටී විඳින්න ඔබ වඩා මනාප වේවි.

No comments:
Post a Comment