Tuesday, May 5, 2015

මහද පෙම් විලේ

මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්‍රිය ළඳේ
මහද පෙම් විලේ

නයන යුග ඔබේ
දිළෙන මැණික් විලස දිසේ ...//

නළල් සඳ නවාලා
දෙව්දුනු දෙබැම ඔප නැගේ ...//

මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්‍රිය ළඳේ
මහද පෙම් විලේ

සසර සැරිසරා
යුගෙන් යුගේ උපත් ලබා ...//

නිතොර ඔබ පතාලා
එන්නෙමි සිහින ගඟ වගේ...//

මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්‍රිය ළඳේ
මහද පෙම් විලේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

මහාචාර්ය සනත් නන්දසිරි ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනට ගැයුණු ගී තුනෙන් එකකි. (එම ගී තුන - 1. ඇවිළුණු ගිනි දැල් 2. මිහිරාවී 3. මහද පෙම් විලේ)


චිත්‍රය වසන්ත රන්ජන් ශිල්පියාගේ නිර්මාණයකි.

No comments: