සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුළැල්ලක් වී ඔබගේ දෑසින්
ගිළිහී යන්නට උරුම කළේ ඇයි ...//
සෙවණැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා ...//
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කරදා සැඟව ගියේ ඇයි
වල්මත් කරදා සැඟව ගියේ ඇයි
මල් කැකුළක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා ...//
සිත ගිනි අවුලා පියවර අවුරා
අසරණ කරදා ඉවත ගියේ ඇයි
අසරණ කරදා ඉවත ගියේ ඇයි
සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුළැල්ලක් වී ඔබගේ දෑසින්
ගිළිහී යන්නට උරුම කළේ ඇයි
සිනා පොදක් වී
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment